මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කළ ඌන උපයෝගිතා පනත (පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමේ පනත) මෙවර අයවැයෙන් අහෝසි කරන්නැයි සිවිල් සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සභාපති රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැවිලි, ඉදිකිරීම් හා සංචාරක ක්ෂේත්‍රවල දැනට පවතින ගැටළු විසඳීම, යටිතල පහසුකම් දියුණු කිරීම පුහුණු ශ්‍රමික හිඟයට පිළියම් යෙදීම හා ඉඩම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පුළුල් යෝජනා ඉදිරිපත් කෙරෙන බවද ඔහු කීවේය.


