අයවැය විවාදයේ දින ගණන වැඩි කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්


(සුජිත් හේවාජුලිගේ)

රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වෙතත් දින ගණන වැඩි නොකර විවාදය පැවැත්වෙන කාල සීමාව  සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ සභා වාර ගණන වැඩිවීමෙන්  ඇති වන  අධික පිරිවැය වැළක්වා ගැනීම සඳහාය.

මේ  අනුව අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා උදේ 9.00සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙනු ඇත.අයවැය විවාද පැවැත්වෙන කාලයේදී දිවා විවේකයද ලබාදීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයා අයවැය ලේඛනය ලබන  7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.