(අජන්ත කුමාර අගලකඩ සහ රංජන් කස්තුරි)
මේ වසර සඳහා වන විසර්ජන පනත ලබන මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මීට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසිනි.
ඒ අනුව අයවැය විසර්ජන පනත අගහරුවාදා (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය කර ඇත.