අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වත්මන් ආණ්ඩුවේ අයවැය මාරක ළිඳේ මෝටර් සයිකලේ වගේ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ අයවැය ‍ලේඛනයට පුරා පැය හතර හමාරක් සවන් දෙද්දි මට මාරක ළිඳ මතක් වුණා.අපේ ගම්වල සංදර්ශන පවත්වද්දී මාර ළිදේ මෝටර් සයිකල් පදින හැටි අප දකිනවා.මාරක ළිඳේ මෝටර් සයිකලේ ස්ටාට් කළාම මුළු සැණකෙළි භූමියටම සද්දෙ ඇහෙනවා.බයිසිකලයේ සද්දෙ දාගෙන වට කීපයක් ගිහින් නතර කරන තුරු සෙනඟ බලාගෙන ඉන්නවා.සද්දෙ දාගෙන ගියාට කැරකිලා තියෙන්නේ එක තැන නේ කියලා ඊට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු කියනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.