(නාලක සංජීව දහනායක)
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවැසීය.
රජය විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බව කියා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනිද්දා (6) ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.
මේ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බව පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩු විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැඟීම ස`දහා සිංහල අවුරුද්දෙන් පසුව සියලූම දෙනා එක්විය යුතු බවද පවසා ඇත.

