අයවැය ගුණදොස්


මංගල සමරවිර මහතා (එජාප)

නීතියක් නැති රටක කිසිම අයවැයක් සාර්ථක වන්නේ නැහැ නීතිය වල් වැදුණ රටකට ආයෝජකයෝ සංචාරකයෝ එන්නේ නැහැ. මේ අයවැය ගැන කතා කරන්න දෙයක් නැහැ. මේක පික්පොකට් ගහපු අයවැයක්

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා

මර බියෙන් තොරව නිදහස්ව ජීවත්වීමට සලසාදීම මේ රටේ ජනතාවට ලැබුණ ලොකුම ලාභාංශයයි. ජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය පලූදු කර ගෙන නැහැ. රජයත් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් කර නැහැ.  

හරේන් ප‍්‍රනාන්දු මහතා (එජාප)

පාර්ලිමේන්තුව ගැන මා තුළ අති විශාල ගරුත්වයක් තිබුණා. ජනාධිපතිවරයා අයවැය ලේඛණය ඉදිරිපත් කළ දවසේ අප සාමකාමි උද්ඝෝෂණයක් කරන විට අපට ලැබුණු සංග‍්‍රහය ගැන ස්තුතියි. එය ඉතා රසයි. මිහිරියි. නමුත් මේක මතක තබාගන්න. සැමදා නියං එකදා වැහි වලාවෙන් නැතිවෙනවා. චණ්ඩි නොණ්ඩි වෙනවා. හැමදාම ඔය සෙල්ලම් කරන්න බැරිවෙයි.  

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා

හරේන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රතුමාට ගහන්න හිටියේ අපේ පැත්තෙන් නොවෙයි ඔය පැත්තෙනුයි කොහොම හරි එජාපයේ නායකයෝ එකතු වෙනවා නම් අප සතුටු වෙනවා. 2001-2004 එජාප පාලනය තරම් බිය ජනක පාලනයක් මේ රටේ තිබුණේ නැහැ. කාල්ටන් ස්පෝර්ට්ස් එක මේ රටේ කී‍්‍රඩාවට මෙහෙයක් කරනවා. ජනාධිපතිතුමාගේ දරුවෝ කී‍්‍රඩකයෝයි. ඉතින් ඒ අය කී‍්‍රඩා කිරීම වැරැදිද?  

එස්. සිරිකරන් මහතා (දෙජාස)

දෙමළ ජනතාව අද ජීවත් වෙන්නේ අනාගතය පිළිබඳ කිසිදු විශ්වාසයක් නැතුවයි ඔවුන්ගේ ඉඩම්, සංස්කෘතිය මේ සියල්ලම උදුරාගෙන තිබෙනවා. සුදු කොඩි රැගෙන හමුදාවට බාරවූ අයට සිදුවුණේ කුමක්ද?