(එෆ්.අස්ලම්)
පක්ෂ තීරණය නොතකමින් අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසුමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද්‍රන් කෝඩිස්වරන්ට එරෙහිව ටෙලෝ සංවිධානය විසින් විනය පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.
රජයේ අයවැය ප්‍රතික්ෂේප කළයුතු බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය තීරණය කර තිබුණු අතර එම තීරණයට පටහැනිව කෝඩීස්වරන් මන්ත්‍රීවරයා ඊයේ(12) වනදා පැවති අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්දය ලබා දී තිබිණි.
ටෙලෝ සංවිධානය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින අතර එම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා අයවැය ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභාව වර්ජනය කර තිබිණි.
කෙසේ වෙතත් පක්ෂයේ තීරණය නොතකමින් කවින්ද්‍රන් කෝඩීස්වරන් මන්ත්‍රීවරයා අයවැයට සහාය ලබාදී තිබුණු අතර ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීමට ටෙලෝ සංවිධානය තීරණය කර ඇත්තේ ඒ අනුවය.
ආරක්ෂාව වෙනුවෙන් කෝටි දහස්ගණනක් අයවැයෙන් වෙන්කර දීමත් එතුළින් උතුරේ දෙමළ ජනතාව ඇතුළු මෙරට ජනතාවට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් කියමින් රජයේ අයවැය පරාජය කිරීමට ටෙලෝ සංවිධානය තීරණය කර තිබුනේ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.

