අඹේවෙල ගොවීන් වනජිවී උප ඇමැතිට එරෙහිව උද්ඝෝෂණය



 
(රංජිත් රාජපක්ෂ)                          

රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි  යැයි  වනජිවි නියෝජ්‍ය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම  මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවියෝ අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වෙති.

නියෝජ්‍ය අමාත්‍යවරයා හෝටන්තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබු කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරියට හා කාෂිකර්ම පර්යේෂණ නිලධාරියට බැන වැදුණේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීයෝ මෙම උද්ඝෝෂණය පවත්වති.