අංජුල මහීක වීරරත්න
ටී.එන්.එල් රූපවාහීනී විකාශනාගාරයට මුද්‍රා තැබීම ප්‍රජාතනත්‍රවාදයට මරු පහරක් බවත් ඒ ගැන සොයා බලා සාධාරණය ඉටු කරන ලෙසත් ඉල්ලමින් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපති කාර්යාලයට,අගමැති කාර්යාලයට සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අද (7) සංදේශයක් බාරදුන්හ.
මෙහිදී අදහස් දැක්වු අඹන්විල ඥානාලෝක හිමියන් පැවසුවේ 2015 වසරේදී තමන් ඇතුළු මහා සංඝරත්නය පාරට බැස්සේ රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂාවෙන් බවයි. එදා ඇතුගලක් වාගේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවු බලවේගයට අනෙක් අයව ගැන කවර කතා දැයි ඥානාලෝක හිමියෝ එහිදී විමසුහ.
ඡායාරූප - ශාන්ත රත්නායක