(රංජිත් රාජපක්ෂ)
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයිරසය හේතුවෙන් නිරෝධානයට යොමු කළ පවුල් 67 ක් සඳහා නොමිලේ වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් අඹගමුව ප්‍රදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්‍රියාත්මත කළ බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසීය.
තම කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ස්වයං නිරෝධානයකට ලක් කළ පවුල් පදිංචි නිවාස වෙත ගොස් සලාක පාර්සල් බෙදා දී එම පුද්ගලයන් ස්වයං නිරෝධනයේ සිටිනවාද යන්න පිළිබඳව ද අධීක්ෂණට කළ බව ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේය.




