අඹගමුව පෙත්සමට නීතිපති උපදෙස්


(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

අඹගමුව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පළාත් පාළන මැතිවරණය පැවැත්වීම වළකාලන්නැයි ඉල්ලමින් අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකු විසින් පවරා ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතීපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට රජයට අද(13) අවසර දුන්නේය.

මෙම පෙත්සමට අදාළව උපදෙස් ලබා ගැනීමට තමන්ට කල් ලබා දෙන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සඳහා අවසර දුන්නේය.

පෙත්සම බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

අඹගමුව ප‍්‍රාදේශිය සභාව ලෙස පැවැති බළ ප‍්‍රදේශය පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් නෝර්වුඞ්, මස්කෙළිය සහ අඹගමුව වශයෙන් කොටස් තුනකට කැඩෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මේ හේතුවෙන් ජනවාර්ගික ගැටුම් ඇතිවන බවත් බෞද්ධයින්ට හිමි තැන නැතිවෙන බවත් පවසමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත්  කළහ.