අඹගමුව කෑලි කළාට එරෙහිව පෙත්සමක්


(රංජිත් රාජපක්ෂ)

අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශ තුනක් වශයෙන් කඩා වෙන් කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව කන්ද උඩරට ප්‍රාදේශීය ජනතා ව්‍යපාරයේ සභාපති හෙළප්‍රිය නන්දරාජ මහතා පවසයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළප්‍රිය නන්දරාජ මහතා පැවසුවේ අඹගමුව ප්‍රාදේශිය සභාව නොර්වුඩ්, මස්කෙළිය, අඹගමුව වශයෙන් කොටස් තුනකට කන්ද උඩරට දමිළ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවය මත කඩා වෙන් කර ඇති බවයි. 

සිමා නිර්ණය සම්බන්ධයෙන් තමන් ලබා දුන්  සංශෝධන පිළිබඳව කිසිදු තැකිමක් නොකර අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිංහල, දමිළ ජනතාව සංහිඳියාවෙන් සිටි බවත් මෙසේ කඩා වෙන් කිරීම තුළින් සංහිඳියාව නැතිවීෆම් අවදානමක් ඇතිවිය හැකි බවත් ඔහු කියා සිටියි.