අමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා ද නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද(01) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම සාමන්‍ය වුවත් එරට රාජ්‍ය නායකයකු මෙරටට පැමිණීම සමාන්‍ය කරුණක් නොවන බවත්, යහපාලනය රජය තුළ එවැන්නකට ද ඉඩ සැලසී ඇති බවද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් මෙවැනි රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ඒ ගමන ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවය.

