එළවළු මිල ඉහළ යාමත් සමඟ තඹුත්තේගම මහවැලි එච් කලාපයේ අමු මිරිස් කරල් පහක් ගැනීමට රුපියල් විස්සක් ගෙවිය යුතු යැයි ගෘහණියෝ කියති.
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 850 සිට 1000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ග්‍රෑම් සියයක මිල රුපියල් 85-100 අතර වේ.
තඹුත්තේගම දෙවැනි පියවරේ ඩබ්ලිව් ඒ සඳමාලී ප්‍රියදර්ශනී මහත්මිය අමු මිරිස් කරල් හයක් මිලට ගැනීමට රුපියල් විස්සක් දී තවත් රුපියල් දෙකක් ණය වූවාය.

