අමිත් වීරසිංහට ඇප


(නිමන්ති රණසිංහ)

මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.

මහජන කැළඹීම්  ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණිනි.

මහජන කැළඹීම්  ඇතිවන ප්‍රකාශ කිරීම හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් ඔහුට ඇප කොන්දේසියක් ද නිකුත් කෙරිණි.