අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්


( නිමන්ති රණසිංහ )

මහසොහොන්  බළකායේ   ප්‍රධානී අමිත් විරසිංහ හෙට (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

මහජන ආරක්ෂණ පනත සහ හදිසි නීතී රෙගුලාසි පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව  ඇති  වාර්තාවක් ඉදිරිපත් කර ලෙස කිරුළපන පොලීසියට නියෝග කරමින්  හෙට  ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවද  මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

 නඩුව හෙට දක්වා කල් තැබිණි.