(විනීතා එම් ගමගේ)
එතෙර දූත මණ්ඩල සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිලධාරින් පත් කර යැවීමේ දී 75% ක ප‍්‍රමාණයක් බාහිර පාර්ශවයන්ගෙන් තෝරාගැනීමට හැකිවන පරිදි කටයුතු කිරීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට සූදානම් වන්නේ යැයි වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලී සේවක සංගමයේ විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.
විදේශ සේවා විෂය භාර අමාත්‍යවරයාට කාර්යංශ පනතින් පැවරී ඇති බලතල අභිභවා යමින් කැබිනට් අමාත්‍යවරයා කාර්යංශ නිලධාරින්ගෙන් පත්කිරීමට ඇති විදේශ දූත මණ්ඩල පුරප්පපාඩුවි වලින් 75% බාහර පාර්ශව වලට ලබා දීමට යන්නේ කාර්යංශ නිලධාරින්ට පවතින අවස්ථා අහිමිකරමින් යැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
එකී කැබිනට් මණ්ඩල පත‍්‍රිකාව අනුමත වුවහොත් තම සංගමයේ සාමාජිකයන් හට මෙන්ම සමස්ත කාර්ය මණ්ඩලයට පැවති අවස්ථාවක් අහිමි වන බව ද වෘත්තිය සමිතිය පෙන්වා දී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වීමෙන් පසු කාර්යංශය භාරව පත්වූ කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන් තම සංගමය කරන ලද ඉල්ලීමක් අනුව තානාපති කාර්යාලවල කම්කරු සුභ සාධක අංශ සදහා නිලධාරින් සම්මුඛ පරික්ෂණයක් පවත්වා තෝරාගත් බවත් එම සාධාරණ ක‍්‍රමව වෙනස් කරමින් වත්මන් අමාත්‍යවරයා කටයුතු කරන බැවින් ඒ පිළිබදව යම් පියවරක් ගන්නැයි ද එම වෘත්තිය සමිතිය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

