(විනීතා එම් ගමගේ)
ස්ථාන මාරු ලබාදී ඇති ගුරුවරුන්ට එම මාරු දන්වා යවා ඇති ලිපිය ආයතන සංග‍්‍රහය හා ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය උල්ලංඝණය කරන්නේ යැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ආයතන සංග‍්‍රහය අනුව රජයේ සේවකයකුට ස්ථාන මාරුවක් ලබා දීමේ දී එම මාරුව ක‍්‍රියාත්මක වන දිනයට මාස දෙකකට පෙර ඒ බව දැනුම් දිය යුතු වේ.
ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තිය අනුව ගුරුවරයෙක් මාරු කරන්නේ නම් එම මාරුව පිළිබඳව යම් අභියාචනාවක් සිදුකරන ගුරුවරයකුට ඒ සඳහා මාසයක කාලයක් දිය යුතු අතර එම අභියාචනාවට පිළිතුරු අමාත්‍යංශය මඟින් එවන තුරු අදාල ගුරුවරයා ට එම පාසලේම සිටින්නට දිය යුතුය. මාසයක් ඇතුළත අභියාචනයට පිළිතුරු අමාත්‍යංශයෙන් එවිය යුතුය.
මෙම නියමයන් දෙකම නොසලකා හරිමින් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය විසින් ඉකුත් 12 සහ 13 දෙදින තුළ ස්ථාන මාරු ලිපි යවා ඇත්තේ 17 වැනිදා නව රැකියා ස්ථානවලට වාර්තා කරන ලෙස නියෝග කරමින් යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.
මෙම නීති විරෝධී මාරුවීම් ලිපිවලට එරෙහිව තම සංගමය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් එම ලිපි නැවත කැඳවීමට කටයුතු නොකළහොත් වෘත්තිය කි‍්‍රයාමාර්ගවලට මෙන්ම නීථිමය පියවර ගැනීමට ද කටයුතු කරන බව ද ජයසිංහ මහතා සඳහන් කළේය.
අවුරුදු 10 ට වැඩි කාලයක් ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් මාරුකිරීම් මාරුමණ්ඩල මගින් නිර්දේශ කරනු ලැබු නමුත් අමාත්‍යංශයෙන් එම නිර්දේශයන් වෙනස් කර යවා ඇතැයි ද ජයසිංහ මහතා කීය.
මාරු මණ්ඩලය නිර්දේශ කළ පාසැල් වෙනුවට සමහරුන්ට වෙනත් පාසැල් ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

