(විනීතා එම් ගමගේ)
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස එස් ටී කොඩිකාර මහතා පත්කරනු ලැබ ඇත. ඔහු ගාල්ල හිටපු දිසා ලේකම්වරයා වේ.
එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීල් ද අල්විස් මහතා විශ‍්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා කොඩිකාර මහතා පත් කරනු ලැබ ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස අශෝකා අලවත්ත මහත්මිය පත්කරනු ලැබ ඇත. ඇය එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි සේනාරත්න මහත්මිය විශ‍්‍රාම ගැනීම නිසා ඇතිවූ පුරප්පාඩුවට අලවත්ත මහත්මිය පත් කරනු ලැබ ඇත.