අමාත්‍යධූර 2 ක් එජාපයට දෙන්න ජනපති එකඟතාව පළකරයි


(අජන්ත කුමාර අගලකඩ)

ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යධූරයත් , නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධූරයත් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අතර ජනාධිපති කාර්යාල අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) වැනිදා රාත්‍රීයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම එකඟතාව පළකර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනමාධ්‍ය කැබිනට් ඇමැතිධූරය සහ නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යධුරය  එක්සත් ජාතික පක්ෂයට ලබාදීම තමාට ගැටලුවක් නොවන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද සහභාගි ඇත.