අමාත්‍යංශ 8 ක අක්‍රමිකතා ගැන හොයන්න ලේකම්වරුන්ට නියෝග


(රංජන් කස්තුරි )

ප්‍රධාන පෙළේ අමාත්‍යංශ 08ක   සිදුව ඇතැයි  කියන අක්‍රමිකතා  සහ දුෂණ සම්බන්ධයෙන්  ජනාධිපති විමර්ශන ඒකකය සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සඳහන් පුර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා ඒ ඒ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 

ස්වදේශ කටයුතු අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශ,  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය,  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා එම නියෝගය කර තිබේ.