(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ හයක් සඳහා නව ලේකම්වරු පත් කරනු ලැබ සිටිති.
ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස එම්. අධිකාරී මහත්මිය පත් කරනු ලැබ සිටී.
ඞී. ජී. එම්. වී. හපුආරච්චි මහතා නගර සැලසුම් ජලසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතාත් පත්කරනු ලැබ සිටිති.
විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා ද තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඞී. බී මීගස්මුල්ල මහතා ද පත්කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

