අමාත්‍යංශ 10කට නව ලේකම්වරු


(රංජන් කස්තුරි)

අමාත්‍යංශ දහයකට නව ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව,

  • රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය - පද්මසිරි ජයමාන්න මහතා
  • උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය - ජේ.ජේ. රත්නසිරි මහතා
  • ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය - ඩී.කේ.ආර්.ඒකනායක මහත්මිය
  • විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය - පී.රනේපුර මහතා
  • පළාත් සභා පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශය - කමල් පත්මසිරි මහතා
  • සමාජ  සුභසාධන  හා ප්‍රාථමික කර්මාන්ත   අමාත්‍යංශය - බන්දුල වික්‍රමාරච්චි මහතා
  • තිරසාර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන  අමාත්‍යංශය - ඒ.පී.ජී. කිත්සිරි මහතා
  • සමාජ සවිබල ගැන්වීමේ  අමාත්‍යංශය - ජේ.පී.එස්.වීරකොන් මහත්මිය
  • වාරිමාර්ග ජලසම්පත් හා ආපදා කළමනාකරණ   අමාත්‍යංශය - සිසිර කුමාර මහතා
  • ජාතික ඒකාබද්ධ සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය - එම්.වයි.එස්. දේශප්‍රිය මහතා