අමාත්‍ය රාජිතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උප සභාපති ධුරයක්


(කටුනායක ටී.කේ.ජී.කපිල )

සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙවන වරටත් උප සභාපති ධුරය පිරිනමා තිබේ .

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර සාමාජික රටවල් 194 ක, විධායක සභිකයින් 35 දෙනෙකු විසින් අමාත්‍යවරයා මෙම තනතුරට තෝරා පත්කර ගෙන තිබේ.

මෙම තනතුරට පත්වීමෙන් පසු අමාත්‍යවරයා දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද (01) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

 කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කීපනමක් සෙත් පිරිත් සජ්ජායනය කරමින් ආශීර්වාද කළ අතර, එතුමාගේ තවත් හිතවත් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති පිළිගැනීමේ උත්සවයට සහභාගී වී සිටියහ.