
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයන් සේ හිටපු සභාපති අනුර වල්පොළ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.
2020 පෙබරවාරි මස 11 වැනි දින ඉදිරිපත් කර ඇති මණ්ඩල පත්‍රිකාවට අදාළව පවත්වා ඇති 2020 පෙබරවාරි මස 13 වැනි දින කළමනාකරන මණ්ඩල රැස්වීම්වලදී බඳවා ගැනීමේ ක්‍රියාව පටිපාටියෙහි සඳහන් නියමිත ක්‍රමවේදය අනුව බඳවා ගන්නා ලෙසට නියෝග ලබා දී තිබියදි එම නියෝගය ක්‍රියාත්මක නොකර නියමිත ක්‍රමවේදයෙන් බැහැරව නීති විරෝධී ලෙස පත්වීම් ලිපියක් ලබාදී භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂක( තොරතුරු තාක්ෂණ) තනතුර සඳහා අනුයුක්ත කිරීමට කටයුතු කර ආයතනයේ වසරකට වැඩි කාලයක් සේවය කිරීමට අවස්ථාව ලබා දී වැටුප් සහ අනෙකුත් දීමනා ලබා දෙමින් ඇයට වාසියක් ලබාදීම මගින් දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

