අම්මා සුරා බොයි : දරුවා බලු කිරි බොයි


නිරාහාරව සිටින අවුරුදු 2ක පිරිමි දරුවකුට කිරි දී දරුවා මරණයෙන් බේරාගත් බැල්ලියක සිටින බව චිලි රාජ්‍යයේ පොලිසිය කියයි.

ඇඳුමක්වත් නැතුව ගරාජයක අතහැර දැමූ මේ දරුවාගේ පණ නළ ගැට ගැසී ඇත්තේ බැල්ලියගේ කිරි ටික බීමෙනි. බැල්ලියද පැටවුන් වැදීමට ආසන්නව සිටි බව පොලිසිය පවසයි.

අතහැර දැමුණු දරුවකුට තමාගේ සුරතල් බැල්ලිය රෙයිනා කිරි දෙන බව චිලියේ ඇරිකා ප්‍රදේශයේ ලෝරි ස්කූඩර් නම් පුද්ගලයා පොලිසියට පවසා ඇත. දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයේ සිටි දරුවාගේ හිසේ උකුණන් පිරී සිටි බවත් දරුවා බැල්ලියගෙන් කිරි බොද්දී දරුවාගේ මව අසළ සුරා සැලක මත්පැන් බොමින් සිටි බවද පොලිසිය පවසයි.

දරුවා වහාම රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. දරුවාගේ බාරකාරත්වය පිළිබඳව චිලියේ පවුල් අධිකරණයක් ලබන සැප්තැම්බර් 22 වැනිදා තීන්දුවක් දීමට නියමිතය.

ජීවත් වීමේ වාසනාවද වීර මාතාවක සේ සැලකිය හැකි බැල්ලියගේ කිරිද නිසා දරුවාගේ ජීවිතය බේරුණු බව චිලියේ ආරංචි කියයි.

2BFBDE9700000578-3223062-image-m-52_1201598441413727244 AAdYaF201598I201598 COGjoyAUcAAp201598hgR