මව රට ගිය දා සිට තනිවම ගෙදර සිටි අට හැවිරිදි දියණිය හා දස හැවිරිදි පුතා රත්නපුරයේ ලොකු අම්මාට භාර දෙන ලෙස කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය නියෝග කළාය.
පිළියන්දල සිරි මංගල මාවතේ සිටි මේ දෙදෙනාගේ පියා ත්‍රිරෝද රියදුරකු බවත්, මව රට ගිය දවසේ සිට ඔහු ඉඳහිට ගෙදර ආ බවත්, යාබද නිවසේ පදිංචිකරුවන් දරු දෙදෙනාට කෑම දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

