මහා භාරතයේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මහත් සේවයක් කළ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර්තුමන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයේ නාග්ෂර් හි ඩ්‍රැගන් පැලස් විහාරයේදී අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව පැවැත්වෙන අතර එහිදී මෙරට තිරගතවූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම‘ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
2014 වියට්නාමයේ පැවැති එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය මෙන්ම හොඳම නළුවා ආදී සම්මාන රැසක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවිය.
අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව ඔක්තෝබර් 14 සිට 23 දක්වා පැවැත්වෙන බවත් එහිදී නීලගිරි විහාරයේ සිට වැඩම කරන ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්ද ඇතුළත් ව මහාරාෂ්ඨ ප්‍රාන්ත සමාජ සුබ සාධන අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
එම අවස්ථාවට ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රාම් දාස් ආත්වලේ, හිටපු අමාත්‍ය සුලේකා ටයි කුම්බාරේ , සර්වෝදය සභාපති ඒ.ටී.ආරියරත්න, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් සහ ලයිට් ඔෆ් ඒසියා පදනමේ සභාපති නවීන් ගුණරත්න යන පිරිස එක්ව සිටියහ.




