අම්බුලුවාව නගින්න ගිය අයෙක් ගලක් පෙරැළී මරුට


(සුරංග රාජනායක)

දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන්  එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  මෙලෙස කන්ද නැගීමට ගොස් ඇති අතර ඉන් එක් අයකු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංචි ගාර්දිය් සමරතුංගලාගේ දමින්ද සමරතුංග නමැති තිස් හත් හැවිදි දෙදරු පියෙකි.

මොහු සිය බිරිඳට ද නොකියා  නිවසින් පිටව ඔහුගේ මිතුරන් සිව් දෙනකු සමග මෙම ගමන පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කරයි .