සමන් විජය බංඩාර
ඉකුත් දින කිහිපයේ ඇද හැලුණු මහ වැස්සත් සමඟ අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සුළු නායයෑම් සිදු විය.
මෙම නාය යෑම් නිසා අරණායක සිට අම්බල කන්ද, නාරංගල, ගංතුන යන ප්‍රාදේශ වලට පිවිසිමට ඇති ප්‍රධාන මාර්ගයට පස් කඳු සහ ගස් වැටීමෙන් වාහන ගමණාගමනයට බාධා ඇතිවූ බව ප්‍රදේශවාසීහු කියති.
අද උදේ ප්‍රදේශවාසීහු එක්ව ඒවා ඉවත් කිරීම ආරම්භ කළහ.





