අම්පාරේ සැඩ සුළඟින් නිවාස රැසකට හානි



වසන්ත චන්ද්‍රපාල

                                                 
අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වැස්ස සමඟ ඇතිවු සැඩ සුළං තත්වයක් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 නිවාස 136 කට හානි සිදුවී ඇත.


ඊයේ සවස 4.30ට පමණ මෙම සුළං තත්වය ඇතිවී ඇති අතර සුළඟ නිසා ගස් කඩා වැටීම නිසා මාර්ගය ද අවහිර වී තිබේ.


විදුලි කණු මතට ගස් වැටීම නිසා විදුලි රැහැන් බිඳ වැටී ඇති අතර විරගොඩ 9 කොළණිය ප්‍රදේශයේ අධි විදුලි රැහැන් කණුද පෙරළී ඇත.


මේ හේතුවෙන් ගම්මාන ගණනාවකට විදුලිය ඇන හිට ඇති බවත් ගස්වැල් කඩා වැටීමෙන් ද විශාල හානියක් සිදුවී ඇති බව ආපදා කළමනාකරණය ඒකකය පවසයි.