අම්පාරේ ප්‍රශ්නය නොවිසඳුවහොත් මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වෙනවා


සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු 
 
අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවහොත්  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වන බව දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එච් .එච් එම් මන්සූර් මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය.

 
මන්සූර් මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනතේ නිවේදන පිළිබඳ විවාදයෙදීය. 
 
මන්සූර් මන්ත්‍රීවරයා මෙසේද කීය.


රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි.ඉඩම් ප්‍රශ්නය විසදිය යුතුයි.ඒ අයට සුදුසු තැන්වල ඉඩම් දෙන්න කියලා ඉල්ලනවා .මේ ප්‍රශ්නවලට උදව් නොකළහොත් මුස්ලිම් කොංග්‍රසය රජයට දෙන සහය ඉල්ලා අස්කර ගන්නවා.