අම්පාර සුළි සුළඟින් නිවාස 217 කට හානි



 
 
වසන්ත චන්ද්‍රපාල
 
අම්පාර නාගරික ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුළඟින් මේ වන විට නිවාස 217 ක් පමණ හානියට පත්ව ඇති බව අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා පවසයි.

දැනට තිබෙන තොරතුරු අනුව නවගම්පුර නිවාස 150, තිස්සපුර 22, කරංගාව 28, මිහිදුපුර 11, සද්ධාතිස්සපුර 3, ජයවර්ධනපුර 2 හානි සිදුව තිබේ.


ග්‍රාම නිළධාරි මහත්වරුන් හරහා තොරතුරු ලබා ගනිමින් පවතින අතර ඉදිරියේ දී මේ ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුවිමට ඉඩ ඇති බව දිසාපතිවරයා පැවසීය.


සුළං තත්වයෙන් වැඩිපුරම හානි සිදුව ඇති නවගම්පුර ගම්මානයේ බොහෝ ස්ථානවලට මේ වෙන විටත් විදුලිය නොලැබී ඇති අතර එය යථා තත්වයට පත් කිරිමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටියි.


විපතට පත් වුවනට වියළි  ආහාර ලබාදිමට කටයුතු කරන අතර දැනට රුපියල් 10,000 ක මුදලක් අද දවස තුළ ලබාදෙන බවද දිසාපතිවරයා පැවසීය.