(නවරත්න සමරතුංග)
අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරිවරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් අද (30) එම රෝහලේ කාර්යමණ්ඩලය නිහඬ විරෝධතාවයක නිරතවෙමින් වහාම එම ක‍්‍රියාමාර්ගය නතර කරන ලෙස රජයට බලකර සිටියහ.
මේ අතර උදෑසන සිටම මෙම සිද්ධිය හේතුවෙන් එහි කාර්ය මණ්ඩලය අතර දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබිණ.
මෙම රෝහලේ සේවය කළ වෛද්‍ය අධිකාරිවරයා මේවනවිට රෝගීව මාස හතක පමණ කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඒ සඳහා වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයෙකු සේවය කරමින් සිටී.
එහෙත් රට තුළ පවතින වාතාවරණය හමුවේ මෙසේ මුස්ලිම් ජාතික වෛද්‍ය අධිකාරිවරයෙකු හදිසියේ අනුප‍්‍රාප්ත කිරීමෙන් රෝහල තුළ ගැටලු රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය ඊයේ උදෑසන වැඩ බලන වෛද්‍ය අධිකාරිවරයාගේ නිල කාමරයේදී සාකච්ඡා කළහ.
එහි ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී මේ පිළිබඳ ගතයුතු ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට වෘත්තීය සංගම් සහ එහි සාමාජික පිිරිස්ද විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. ඒ අනුව සවස රෝහල් පරිශ‍්‍රය තුළදී මෙම නිහඬ විරෝධතාවය පළ කෙරිණි.



