අම්පාර ගමකට සුළඟින් අරියාදු


අම්පාර කරංගාව ප්‍රදේශයේ සුළි සුළඟකින් ගෙවල් කිහිපයකට හානි සිදුවී ගහ කොළ කඩා වැටී විදුලි මාර්ගද අවහිරවී ඇතැයි වැසියෝ කියති.

නිවාස කිහිපයක්ම සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදුව ඇති අතර අම්පාර කරංගාව ජනරජ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලේ වහලය සම්පූර්ණයෙන් හානියට පත්ව ඇතැයි කියති.

විනාඩි 20ක පමණ කාලයක් එක දිගට වැස්ස සමග තද සුළඟක් පැමිණි බවත් අයිස් කැට ඇද වැටුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.

amparawind_2018301 amparawind_2018302 amparawind_2018303 amparawind_2018304 amparawind_2018305 amparawind_2018306

ඡායාරූප හා විඩියෝ - වසන්ත චන්ද්‍රපාල