අමල් පෙරේරා බදාදා කොස්ගොඩ පොලිසියේ


කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඉරිදා සොරාගත් බව කියන ඇලි කැස්බෑවා සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා බදාදා (18) කොස්ගොඩ පොලිසියට පැමිණීමට නියමිත බව පොලිස් ආරංචි කියයි.

අමල් පෙරේරා මෙම දුර්ලභ කැස්බෑවා කලකට පෙර රුපියල් කෝටි තුන හමාරකට ඉල්ලූ බව හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් පොලිසියට කියා තිබිණි.

කැස්බෑවා ගැන මෙතෙක් තොරතුරක් නැත.