(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
පාතාල නායකයකු වන මාකදුරේ මදූෂ් නැමැතා සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී , එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ගායන ශිල්පී ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් අද අලුයම 5.03 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව මොවුන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී ,රණුක්ගේ දීපාල් චමින්ද ,හෙට්ටිහේවා අමිල ප්‍රසංග , කලුපහන ෂෙල්ටන් , තුසේ පෙරේරා ලියනරාළලාගේ අමල් ප්‍රියන්ත , රණවකගේ ධම්මික නුවන් රණවක යන සැකකරුවෝ මෙලෙස අත්ුඩංගුවට ගෙන ඇත.

