වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය අද (03) දෙවැනි වරටත් හදිසි යෝජනාවක් සභාවට ඉදිරිපත් කළේය.
සභා නායක ජුඩ් සුමල් තිසේරා මහතා එය සභාවට ඉදිරිපත් කළේය. සන්ධාන මන්ත්‍රී ට්‍රෙවීන් ප්‍රනාන්දු මහතා ස්ථිර කළේය.
පළාත් සභා පනතේ 154 (4) ආ වගන්ති යටතේ ආණ්ඩුකාරවරයා එම තනතුරෙන් ඉවත් කළ යුතු බව සඳහන් යෝජනාව සභාවට ඉදිරිපත් කළ බව, ආණ්ඩුකාරවරිය විසින් ගෙන ඇති ඇතැම් තීන්දු තීරණ වයඹ පළාත් සභාවේ කටයුතු වලට විශාල බාධාවක් වී ඇති බව සභා නායකවරයා තිබේ.
ඇය වහාම එම තනතුරත් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙනත් යෝජනාවක් විවාදයට ගනිමින් සිටියදී මෙසේ හදිසියේම යෝජනාවක් සභා ගත කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය පළකළ විපක්ෂනායක ජේ.සී.අලවතුවල මහතා එවැනි යෝජනාවක් හදිසියේම විවාදයට ගැනීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව අවධාරණය කළේය.
මීළඟ සභා වාරයේ දී මෙම යෝජනාව විවාදයට ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව සභාපති නිවේදනය කළේය.
රත්නායක මහත්මීයට එරෙහි මීට මාස දෙකකට පමණ ඉහතදී සන්ධාන පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතාද මේ ආකාරයේම යෝජනාවක් ගෙනාවද එය තවමත් පළාත් සභාවේ විවාදයට ගැනුනේ නැත.

