අමරදේවට ගුවන් හමුදා උපහාර


විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින්   ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින්  විශේෂ උපහාර තිළිණයක් ඔහුට පුද කළේය.

ගුවන් හමුදා වර්ණ රාත්‍රියට විශේෂ ආරාධිතයකු ලෙස   සහභාගි වු විශාරද පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටින සියළු දෙනා වෙනුවෙන් මියුරු ගිතයක්ද ගායනා කළේය.

එම අවස්ථාවේ  එහි සිටි සැවොම තම අසුන් වළින් නැගිට මෙම කෘතහස්ථ ගාන්ධර්වයානන් හට අත් පොළසන් හඩින් සුභ පැතු අතර එය ඉතාමත් සංවේදී  අවස්ථාවක් විය.

ඉන් අනතුරුව විශාරද පණ්ඩිත් අමරදේවයන් හට සියළු දෙනා දිර්ඝ ආයුෂ පතමින් සුභ පැතු අතර  මෙම අවස්ථාව සදහා   ගුවන් හමුදාධීපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක  සහ  රොෂාණි ගුණතික මහත්මියද, ගුවන් හමුදා මාණ්ඩළීක ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල ඇතුළු ගුවන් හමුදා අධක්ෂක මණ්ඩළයේ නිළධාරින් ද ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වුහ.

 DSC_2528-1 DSC_2529-1 DSC_2532