අමතර කොටස් අතර සඟවා වාහන ගෙන්වන ජාවාරමක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියාපදිංචි කර විකිණීමේ  මහා පරිමාණ  ජාවාරමක් මෙහෙය වූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අද (01) අත්අඩංගුවට ගත්බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි.

එලෙස ගෙන්වා තිබූ වාහන අතර ප්‍රාඩෝ ජීප් රථයක් , මෝටර් රථයක් , දොඹකරයක් සහ ආපදා රථ දෙකක් වන බවත් මෙම වාහන වල වටිනාකම කෝටි දහයකට ආසන්න බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මෙම වාහන ගම්පහ මිරිස්වත්ත කිණිගම ප්‍රදේශයේ වාහන අංගනයක සඟවා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.