අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි


 අභියාචනාධිකරණ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 
 
දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
 
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 (ජනාධිපති මාධ්‍ය අංශය)