( තිළිණි ද සිල්වා)
ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ලබන සඳුඳා (15) තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(12) තීන්දු කළේය.
සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය අහෝසි කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දුන්නේය.
අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද රිට් පෙත්සම නිෂ්ප‍්‍රභ කරන ලෙසත් , මෙම අභියාචන පෙත්සමට අදාළ නව ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසද ගීතා කුමාරසිංහ මහත්මිය සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණාය.
පෝල් රත්නායක ඇසෝසියේට් සමාගම මාර්ගයෙන් ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අභියාචානාධිකරණයේ එම රිට් පෙත්සම ගොනු කරනු ලැබූ ගාල්ල ප‍්‍රදේශයේ ඡන්දදායකයින් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු පස් දෙනෙකු , ආගමන විගමන පාලක ,එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්,පාර්ලිමේන්තු මහ ලේකම් ,මැතිවරණ කොමිසමේ සභාපති ,ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

