(තිලිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය විභාග කර අවසන්වනතුරු අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු තීන්දුවකින් අද නියෝග කැරිණි.
විනිසුරුවරුන් දෙදෙනෙක් අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළහ. විනිසුරුවරයෙක් තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව සිය තීන්දුව ප්‍රකාශ කළේය.
නඩු විභාගය සැප්තැම්බර් 25 වැනිදාට කල් තැබිණි.

