නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (9) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අභියාචනාධිකරණ සභාපති පී.පී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නේය.
එලෙසම නව අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද එක්විය.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය