අමල් වික්‍රමරත්න
චීනයෙන් 2011 වසරේ දී ගුවන් ගතකර ටියැන්ගොන්ග් 1(Tiangong-1) අභ්‍යවකාශ මධ්‍යස්ථානය (01) අද මධ්‍යම රාත්‍රී 12:34 ට ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 479 ක් තරම් ඉහළින් ගමන් කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ප්‍රධාන කොටස් ශ්‍රී ලංකාවට කඩා නොවැටෙන බවත් ඒ හේතුවෙන් මෙරට ජනතාවට කිසිදු බියට පත් නොවිය යුතු බවත් ඔහු පැවසීය.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩාවැටෙන ස්ථානය වායු ගෝලීය බලපෑම් වල වෙනස් වීම මත නිවැරදිවම ගණනය කළ නොහැකි බව ඔහු කීවේය.
මෙතෙක් කර ඇති නිවැරදිම ගණනය කිරීම් වලට අනුව එය ලංකාව පසු කර සුළු මොහොතකින් කඩා වැටිය හැකිබව පැවසීය.
(02) හෙට අලුයම 04.55 මැලේසියාවට ආසන්නව උතුරට බරව පැසිෆික් මුහුදු කලාපයට කඩා වැටෙනු ඇතිබව මහාචාර්යවරයා සඳහන් කළේය. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කඩා වැටීම පියවි ඇසට නොපෙනෙන බවත් යම් ලෙසකින් දුරේක්ෂයක් හරහා දැක ගැනීමේ හැකියාවක් පවතිනු ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට වැටෙන්නේ නෑ - චන්දන ජයරත්න
Recommended Articles