ශිරාන් රණසිංහ
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නව ගුවන් පර්යන්තයක් ඉදිකිරිමේ කටයුතු ඉදිරි මාසයේ දී ආරම්භ කිරිමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට දැඩි සේ හේතුවන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම නව ගුවන් පර්යන්තය කටුනායක ඉදිකිරිමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවක් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම ගුවන් පර්යන්තය ඉදිරිපත් කළ පත්‍රිකාවට ද අනුමැතිය ලැබී තිබේ.

