කොල්ලුපිටියේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් 10 දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගණිකා නිවාසයේ කලමනාකරණය කර ඇත්තේ ද කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පී ගනේෂනාදන් මහතාගේ මෙහෙයවීමෙන් මේ වැටලීම සිදු විය.
සැකකරුවෝ කොල්ලුපිටිය පොලිසියට භාර දෙනු ලැබූහ.

