අබිරහස් සිරුර හඳුනාගනී


කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන  පෙදරේරුවකු ද වන කොන්ත්‍රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය සදහා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය පැමිණියාය.

එඩ් එම් සුරංග කුමාර (45) නම් දෙදෙරු පියකු  වන මොහුට පහර දී   ඇති ලකුණු පෙනේ යැයි පොලීසිය පවසයි.මහියංගන පුහුල්යායේ පදිංචිකරුවකු වන ඔහු  තලවතුගොඩ වැලි පාරේ නිවසක් කුලියට ගෙන බිරිය සහ දරු දෙදෙනා සමඟ පදිංචි වී සිටි බව කියති.

ඔහු සිටි ත්‍රිරෝද රියේ තුබු  පොත් වල ලියා තිබු නම් රැසක් ඔස්සේ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.