ඉතාලියේ මිලානෝ නගරයේ නේත්‍රා සංගීත කණ්ඩායම හැත්තෑව දශකයේ ජනප්‍රිය ගී ගයා සංගීත සන්ධ්‍යාවක් පවත්වා,ඉන් උපයාගත් ලක්ෂ තුනහමාරක් යුද්ධයෙන් ආබාධිත සෙබලෙකුවූ අනුරාධපුර හොරොව්පතාන පදිංචි කෝප්‍රල් රවින්ද්‍ර රූපසිංහහට පරිත්‍යාග කැරිණි.
හලාවත ශාන්ත මරියා පිරිමි පාසලේදී මිලානෝ කිතුනු සංඝයේ නිමල් ජයන් පියතුමා විසින් පිරිනැමීය.
හලාවත ශ්‍රී විජයාරාම විහාරාධිකාරී පණ්ඩිත සුමනසිරි හිමි, චාල්ස් තෝමස් සහෝදරතුමා,ලුතිනන් දයාරත්න,හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න මහතා හා ලලී කොබ්බෑකඩුව මහත්මිය සහභාගී වුහ.