අබාධිත සෙබලාගේ ගෙයත් කැඩේ


කිණිහිර මෙහෙයුමේදී  යාපනය කොළොම්බුතුර්හි දී සතුරු ප්‍රහාරයකට ලක්වූ අජිත් ප්‍රියන්ත සෙබළා සුසුම්නිවේ ආබාධයෙන් රෝදපුටුවකට සීමා වී සිටියි.

අජිත් අවිවාහකය

අවුරුදු අසූවක් ඉක්මවූ  සිය පියාත් ඊට ආසන්න වයසක පසුවන මවත් පෝෂණය කළේය.

පසුගිය පළමු වැනිදා  නායයෑමෙන් ඔහුගේ නිවස යටවීය

දැන් අජිත්ටත් මව් පියන්ටත් යන එන මං නැත ප්‍රදේශවාසීහු සුසුම් හෙලමින් අජිත් දෙස බැලූවද ඔවුනද අසරණය. කරකියා ගත හැකි තත්වයක් ඔවුන්ට ද නැත

අජිත් සේම යුද්ධය වෙනුවෙන් දිවියේ කොටසක් කැප කළ හිටපු පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර මහතා ද  අජිත්ගේ සුවදුක් බැලීමට රෝදපුටුවෙන් ආවේය.

අජිත්ට නිවාසයක් සකසා දීමට අවශ්‍ය ඉඩමක් ලබාදීමට වලල්ලාවිට රණවිරු සුබසාධක සංගමය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇති අතර එහි නිවාසයක් ඉදිකරගැනීම ඊළඟ ප්‍රශ්නය වී ඇත.

අජිත් ප්‍රියන්තගේ  දුර කතන අංකය 0725505561

රණවිරු සුබ සාධක සංගමය- 0716241581